සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස වාර්ගික හා ආගමික ගැටලු විසඳා ගැනීමට කැප විය යුතුයි – ජනපති

ජනවාර්ගික සහ ආගමික ගැටලුවලට විසඳුම් ලබා නොදී රටක් ලෙස ඉදිරියට යා නොහැකි බවත් ඒ සඳහා කඩිනම් විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් තමන් සියලු නායකයන් සමඟ සාකච්ඡා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පසුගිය සමයේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටීම හේතුවෙන් අත්විඳින්නට සිදු වූ දරුණුම අත්දැකීමට ජාති, අගම් බේදයකින් තොරව රටේ සියලු ජනතාවට මුහුණ පෑමට සිදුවු බව සිහිපත් කළ ජනාධිපතිවරයා සඳහන් කළේ සියලු බෙදීම් අවසන් කර අද රට වෙනුවෙන් සියලුදෙනා එකට එක්ව ඉදිරියට ගමන් කළ යුතුව තිබෙන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මඩකළපුව ශාන්ත මයිකල් විද්‍යාලයට වසර 150ක් පිරීම නිමිත්තෙන් අද (07) පැවති උත්සවයට එක්වෙමින්.

විද්‍යාලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබූ අතර විද්‍යාලයේ සිසුන් විසින් ජාතික ගීය සිංහල මෙන්ම දමිළ භාෂාවෙන් ද ගායනා කිරීම විශේෂත්වයක්.

ඒ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජාතික ගීයෙන් ප්‍රකාශ වන්නේ අප සියලු දෙනා එක මවකගේ දරුවෝ බවත්, එබැවින් එය සිංහල භාෂාවෙන් ගායනා කළත් දමිළ භාෂාවෙන් ගායනා කළත් ගැටලුවක් නොවන අතර අද අවශ්‍යව ඇත්තේ සියලු දෙනා එකට එක්ව එකම ජාතියක් ලෙස ඉදිරියට යාම බවයි.

බෙදී වෙන් වී එකිනෙතා හා සටන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව රටක් ලෙස පහතට ඇඳ වැටුණු බවත්, දේශපාලනික වශයෙන් ඇති බෙදීම ශ්‍රී ලංකාව ඉතා අසීරුතාවකට පත් කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

රටේ ප්‍රශ්න රට තුළම විසඳා ගත යුතු අතර ඒ සඳහා ජාත්‍යන්තරයට යා යුතු බව තමා විශ්වාස නොකරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23