ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 5000ක් – ඊශ්‍රායලය යුධ තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වී ඇති බව වාර්තා වනවා.

ගාසා තීරයේ සිට රොකට් 5000කට අධික ප්‍රමාණයක් මෙලෙස ඊශ්‍රායලයට එල්ල කර ඇති බවයි විදෙස් මධ්‍ය වාර්තා කරන්නේ.

ඊශ්‍රායලට එල්ල වූ රොකට් ප්‍රහාරවලින් එක් අයෙකු මියගොස් තවත් 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව එරට ගලවා ගැනීමේ ඒජන්සිය ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් ඊශ්‍රායලය ‘යුධ තත්වයක්’ ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වුණේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය පැවසුවේ ඔහු කඩිනමින් ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීමක් කැඳවා ඇති බවයි.

ඊශ්‍රායලට ඇතුළු වූ හමාස් සටන්කාමීන් මේ වනවිටත් ගාසා දේශසීමාව අසල කුඩා නගරයේ වීදිවල රැඳී සිටින බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

පලස්තීන සටන්කාමී සංවිධානයක් වන හමාස් සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, එහි සන්නද්ධ අංශය පවසන්නේ විනාඩි 20ක් තුළ රොකට් 5000ක් ඊශ්‍රායලයට දියත් කළ බවයි.

මේ අතර ගාසා තීරය අවට ප්‍රදේශයේ පදිංචිකරුවන්ට සිය නිවෙස් ඇතුළත රැඳී සිටින ලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශ උපදෙස් ලබාදී ඇති අතර,දකුණු සහ මධ්‍යම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ද ආරක්‍ෂිත ස්ථානවලට වී රැඳී සිටින ලෙසටයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39