AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 5000ක් – ඊශ්‍රායලය යුධ තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වී ඇති බව වාර්තා වනවා.

ගාසා තීරයේ සිට රොකට් 5000කට අධික ප්‍රමාණයක් මෙලෙස ඊශ්‍රායලයට එල්ල කර ඇති බවයි විදෙස් මධ්‍ය වාර්තා කරන්නේ.

ඊශ්‍රායලට එල්ල වූ රොකට් ප්‍රහාරවලින් එක් අයෙකු මියගොස් තවත් 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව එරට ගලවා ගැනීමේ ඒජන්සිය ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් ඊශ්‍රායලය ‘යුධ තත්වයක්’ ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වුණේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය පැවසුවේ ඔහු කඩිනමින් ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීමක් කැඳවා ඇති බවයි.

ඊශ්‍රායලට ඇතුළු වූ හමාස් සටන්කාමීන් මේ වනවිටත් ගාසා දේශසීමාව අසල කුඩා නගරයේ වීදිවල රැඳී සිටින බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

පලස්තීන සටන්කාමී සංවිධානයක් වන හමාස් සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, එහි සන්නද්ධ අංශය පවසන්නේ විනාඩි 20ක් තුළ රොකට් 5000ක් ඊශ්‍රායලයට දියත් කළ බවයි.

මේ අතර ගාසා තීරය අවට ප්‍රදේශයේ පදිංචිකරුවන්ට සිය නිවෙස් ඇතුළත රැඳී සිටින ලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශ උපදෙස් ලබාදී ඇති අතර,දකුණු සහ මධ්‍යම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ද ආරක්‍ෂිත ස්ථානවලට වී රැඳී සිටින ලෙසටයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
3
+1
8
+1
2
+1
53
+1
6
+1
13
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව ඇතුලේ ගැටලුකාරී තත්ත්වයක් - කමල් අද්දරාරච්චිගෙන් ආන්දොලනාත්මක හෙළිදරව්වක්... #npp #akd
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ කඩවත පිවිසුම ජලයෙන් යටවෙයි
01:42
Video thumbnail
කාළගුණයෙන් රතු නිවේදන - දිවයිනේ තව දුරටත් තද වැසි #badweather #climate
03:36
Video thumbnail
ජනතා අශිර්වාදයෙන් හොඳම පිරිසක් සජබයෙන් පාර්ලිමේන්තු යනවා #sajithpremadasa #sjb
02:04
Video thumbnail
Breaking News🛑සිලින්ඩරය පුපුරයි - නාමයෝජනා නොලැබුණ සමන් රත්නප්‍රිය මාධ්‍ය ඉදිරියේ සංවේදී වෙයි
06:38
Video thumbnail
KASTHIRAMA |හි.පා.ම. ආශු මාරසිංහ සහ ජාතික ජන බලවේගයේ විධායක සභික නාමල් කරුණාරත්න සහභාගීවන කස්තිරම
01:38:55
Video thumbnail
හෙට අනිද්ද උත්තර දෙන්න සූධානම් - රන්ජන් ගාවට ගිය අසේල සම්පත් කාට කාටත් ඇහෙන්න දාපු සද්දේ
03:22
Video thumbnail
ගාල්ලෙන් මාලිමාවට වැඩ්ඩෝ 12ක් - කරන්න යන අලුත් පෙරළිය එළියට #npp #akd #anurakumaradissanayake
02:58
Video thumbnail
කොළොන්නාවම වසාගත් ජල රකුසා - නිවාස රැසක් ජලයෙන් යට වෙයි #climate #badweather
01:26
Video thumbnail
ඉතා කෙටි කාලයක් තුළ ජාතික ජන බලවේගයේ පිරිහීම පේනවා #sjb #akd #anurakumaradissanayake
02:22

?