ගැසට් පත්‍ර 6කට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී ගැසට් පත්‍ර 6ක් සළකා බලා අනුමතිය ලබා දීම සිදුවී තිබෙනවා.

2003 අංක 25 දරන මුදල් පනත යටතේ අංක 2329/19 සහ 2342/24 දරන ගැසට් පත්‍ර පිළිබදවයි මෙහිදී අවධානය යොමු වූයේ.

මෙම ගැසට් පත්‍ර අනුව රත්මලාන සහ යාපනය ගුවන්තොටුපළ සිට අපගමන බදු ප්‍රමාණය (Embarkation Tax) ඇමරිකා ඩොලර් 60 සිට 30 දක්වා පහත දැමීම සිදුකරන බව නිලධාරීන් සඳහන් කළා. මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා මෙම තීරණය ගනු ලැබු බව මෙහිදී අනාවරණය වූ අතර මේ සම්බන්ධ විශ්ලේශනාත්මක වාර්තාවක් ලබා දෙන ලෙසටයි නිලධාරීන්ට කමිටු සභාපතිවරයා උපදෙස් දුන්නේ.

2018 අංක 35 දරන මුදල් පනත යටතේ අංක 2340/42 යන ගැසට් පත්‍රයේ නිවේදන සදහා ද මෙහිදී අවධානය යොමුවී තිබෙනවා.

රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයක් විසින් ගෙන්වන වාහන, සුඛෝපභෝගී බද්දෙන් නිදහස් වන බැවින් එම වාහන විකිණීමේදී හෝ අපහරණයේදී අයකරන සුඛෝපභෝගී බද්ද එම වාහන භාවිත කළ කාලසීමාව මත අයකර ගැනීමට අදාළවයි මෙම ගැසට් නිවේදනය පළ කර ඇත්තේ. එසේම 2018 අංක 35 දරන මුදල් පනත යටතේ 2334/24 යන අංක දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නිවේදනය මගින් එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන ආයනයනය කිරීමට බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමය යටතේ පැවති දිනයන් තවත් මාස කිහිපයකින් ඉදිරියට දැමීම ද සිදු කර තිබෙනවා.

1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2341/63 දරන ගැසට් පත්‍රයේ නියමය පිළිබදව ද කරුණු විමසීම සිදු වුණා. කර්මාන්ත විෂය භාර අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශය මත මුදුණ කර්මාන්තයට අදාළව දේශීය තීන්ත නිෂ්පාදකයන් සදහා අවශ්‍ය අමුද්‍රව්‍යවලට සෙස් බදු සහනයක් ලබා දීම වෙනුවෙනුයි මෙම නියමයන් ඉදිරිපත් කර ඇත්තේ.

1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2347/08 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති රෙගුලාසි ද මෙහිදී සළකා බලා තිබෙනවා. 2023 ජූනි 14 වැනි දින ගැසට් පත්‍රය අනුව තිරිඟු පිටි ආනයනය සදහා ආනයන බලපත්‍ර ලබා ගැනීම අවශ්‍ය වූ අතර මෙම ගැසට් පත්‍රය මගින් එය ඉවත් කිරීම සිදුවන බව නිලධාරීන් පෙන්වා දෙනු ලැබුවා. මේ පියවර පිළිබඳව මීට පෙර ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී නිර්දේශ ලබා දී තිබූ බැවින් එය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සතුට පළ කරන බවයි කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළේ.

ගැසට් පත්‍ර පිළිබද සළකා බැලීමෙන් පසු ඒවාට අදාළ අනුමැතිය ලබා දීම ද සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23