AFC Banner
Empty Ad
Empty Ad

මිලියනයක වන්දියක් ගෙවන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රජයට නියෝගයක්

මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ නඩුවට අදාළව ව්‍යාජ සාක්ෂි හඳුන්වා දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක් කිරීම තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

එම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජය විසින් පෙත්සම්කරුට රුපියල් මිලියනයක වන්දියක් මාස තුනක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවත් තීන්දුවේ සඳහන් වුණා.

පෙත්සම්කරුට නීතියෙන් හිමි විය යුතු සියලූ වැටුප් වර්ධක, දීමනා හා උසස්වීම් සියල්ල ලබාදීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා කළ නියෝගය සඳහන්.

ප්‍රියන්ත ජයවර්ධන, මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෛරාජා මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

පොලිස් දෙපාර්තමේන්තුවේ තේමා පාටය වන “ධම්මේ හවේ රක්ඛති ධම්මචාරී” යන පාඨයට අනුව කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව වගබලාගත යැයි සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුරෛයිරාජා මහතා මෙම සිද්ධියේ දී වගඋත්තරකරුවන් කටයුතු කර ඇති ආකාරය දැඩි දෝෂ දර්ශනයට ලක් කර සිටියා.

රාජ්‍ය නිලධාරීන්ට හා රාජ්‍ය සේවකයින්ට ස්වාධීනව හා නිදහස්ව කිරීමට අවශ්‍ය පසුබිම සලසාදීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ විනිසුරු තුරෙයිරාජා මහතා පොලිස් දෙපාර්තමේන්තුවට ද ඒ ආකාරයෙන් කටයුතු කළ යුතු බවයි කියා සිටියේ.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42
Video thumbnail
මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලන අය දන්නව ද? හතු පිපෙයි අතු නැතිවෙයි - අපි අරටු හැටියට ඉන්නවා
03:50
Video thumbnail
කොදෙව්වන් දන ගැස්සු සුපිරි තරඟයෙන් පසු චරිත් අසලංක මාද්‍යට කළ විශේෂ ප්‍රකාශය #charithasalanka
11:18
Video thumbnail
නිශ්පාදන කර්මාන්ත විප්ලවක් ඇති කරන්න ඕනි... #sajithpremadasa
04:11
Video thumbnail
මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න #akd #npp #anurakumaradissanayake
04:17
Video thumbnail
දරුවන් ඉදිරියේ රණ්ඩු වෙන්න එපා
04:40
Video thumbnail
මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්
03:30
Video thumbnail
සුන්දර ඇල්ල අසුන්දර වුණු හැටි
01:23
Video thumbnail
වසන්ත සමරසිංහ මොන සිප්පි කෑල්ලක්ද - වසන්තගේ රෙදි ලෙෆ්ට්
09:26

?