මිලියනයක වන්දියක් ගෙවන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රජයට නියෝගයක්

මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ නඩුවට අදාළව ව්‍යාජ සාක්ෂි හඳුන්වා දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක් කිරීම තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

එම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජය විසින් පෙත්සම්කරුට රුපියල් මිලියනයක වන්දියක් මාස තුනක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවත් තීන්දුවේ සඳහන් වුණා.

පෙත්සම්කරුට නීතියෙන් හිමි විය යුතු සියලූ වැටුප් වර්ධක, දීමනා හා උසස්වීම් සියල්ල ලබාදීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා කළ නියෝගය සඳහන්.

ප්‍රියන්ත ජයවර්ධන, මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෛරාජා මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

පොලිස් දෙපාර්තමේන්තුවේ තේමා පාටය වන “ධම්මේ හවේ රක්ඛති ධම්මචාරී” යන පාඨයට අනුව කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව වගබලාගත යැයි සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුරෛයිරාජා මහතා මෙම සිද්ධියේ දී වගඋත්තරකරුවන් කටයුතු කර ඇති ආකාරය දැඩි දෝෂ දර්ශනයට ලක් කර සිටියා.

රාජ්‍ය නිලධාරීන්ට හා රාජ්‍ය සේවකයින්ට ස්වාධීනව හා නිදහස්ව කිරීමට අවශ්‍ය පසුබිම සලසාදීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ විනිසුරු තුරෙයිරාජා මහතා පොලිස් දෙපාර්තමේන්තුවට ද ඒ ආකාරයෙන් කටයුතු කළ යුතු බවයි කියා සිටියේ.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් නම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56