අනවසර සංක්‍රමණිකයන් මඩින්න ටෙක්සාස් ප්‍රාන්තයේ ආරක්‍ෂිත වැටක්

අනවසර සංක්‍රමණික ගැටලුව උග්‍ර වීම හමුවේ දකුණු ටෙක්සාස් ප්‍රාන්තයේ දේශසීමාව තුල ආරක්ෂිත වැටක් ඉදි කිරීමට ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් නියෝග කර තිබෙනවා.

සැතපුම් 20ක් (32km) පමණ වන මෙම තාප්පය Starr ප්‍රාන්තයේ මෙක්සිකෝ දේශ සීමාව ඔස්සේ ඉදි කරනු ඇති.

වාර්තා වී ඇති තොරතුරු අනුව මෙම තාප්පය ඉදි කිරීමට නියමිත ප්‍රදේශය තුළ අනවසර සංක්‍රමණිකයන්ගේ හරස් මාර්ග රැසක් ඇති බවයි සඳහන් වන්නේ.

දේශසීමා තාප්පයක් ගොඩනැගීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් ප්‍රතිපත්තිමය තීරණයට ඩිමොක්‍රටික් පක්ෂය විසින් දැඩි ලෙස විරුද්ධ වී තිබෙනවා.

එක්සත් ජනපද රේගු සහ දේශසීමා ආරක්ෂණ ආයතනය කියා සිටියේ දේශසීමා බාධකයක් සඳහා දැනටමත් වෙන් කර ඇති අරමුදල් භාවිතා කරන බවයි.

එහි ඉදිකිරීම් අනුමත කිරීම සඳහා පිරිසිදු වායු පනත සහ සුරක්ෂිත පානීය ජල පනත ඇතුළු ෆෙඩරල් නීති රැසක් ඉවත් කර තිබෙනවා.

මෙම පියවර පරිසරවේදීන්ගේ කෝපයට හේතු වී ඇති අතර, මෙම කටයුතු හමුවේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක හා සතුන්ගේ වාසස්ථාන විනාශ වනු ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

නීතිවිරෝධී දේශසීමා තරණය කිරීම් සංඛ්‍යාව ඉහළ යාම නිසා ජනාධිපතිවරයාට මෙම ප්‍රශ්නය අවදානමට ලක්විය හැකි ගැටළුවක් වී ඇතැයි සඳහන්.

එක්සත් ජනපද රේගු සහ දේශසීමා ආරක්ෂණයේ යෝජනාවකට අනුව, නව බාධකය කොන්ක්‍රීට් මත එබ්බවූ විශාල කම්බිවලින් මෙන්ම ගේට්ටු සහ සීසීටීවී කැමරා උපකරණවලින් සමන්විතයි.

රියෝ ග්‍රෑන්ඩ් නිම්න ප්‍රදේශයේ පමණක් මෙම වසරේ සංක්‍රමණ 245,000 කට වැඩි ප්‍රමාණයක් සිදු කර ඇති බව රජයේ දත්ත පෙන්වා දෙන අතර සැප්තැම්බර් වාර්තාගත මාසයක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

නිව් යෝර්ක් නගරයේ නගරාධිපති එරික් ඇඩම්ස් පුරෝකථනය කළේ පසුගිය වසරේ සිට අලුතින් පැමිණි 100,000 කට වැඩි පිරිසකගේ නිවාස වියදම ඉදිරි වසර තුන තුළ ඩොලර් බිලියන 12 දක්වා ඉහළ යනු ඇති බවයි.

නවතම දත්ත වලට අනුව, එක්සත් ජනපද දේශසීමා මුර සංචාරය විසින් අගෝස්තු මාසයේදී දකුණු දේශසීමාවේ සංක්‍රමණික පුද්ගලයින් 181,059ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එය ජූලි මාසයේදී 132,648ක් වුණා.

මෙක්සිකෝවේ ජනාධිපති Andrés Manuel López Obrador පැවසුවේ පසුගිය සතියේ පමණක් දිනකට පුද්ගලයින් 10,000ක් දේශසීමා වෙත පැමිණි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43