පොලිස්පතිගෙන් පොලිස් ප්‍රධානීන්ට නියෝගයක්

රුපියල් මිලියන 05ට වඩා වැඩි දේපළ වැරදි සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත ලැබෙන පැමිණිලි පිළිබඳ දේශීය අදායම් දෙපාර්තුමේන්තුව දැනුවත් කරන ලෙසට පොලිස්පතිවරයා විසින් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත දැනුම්දී තිබෙනවා.

එවැනි පැමිණිලි සම්බන්ධයෙන් සිදු කරන පොලිස් විමර්ශනවලට අමතරව එම පැමිණිලි සම්බන්ධව පොලිස් මුලස්ථානයේ අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙසටයි පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත විද්‍යුත් පණිවිඩයක් යොමු කරමින් එම නියෝගය ලබාදී ඇත්තේ.

මේ අනුව දේපළ සොරකම් කිරීම, බලෙන් ලබා ගැනීම, කොල්ල කෑම, සාපරාදී සාවද්‍ය පරිහරණය, සාපරාදී විශ්වාසය කඩ කිරීම, වංචා කිරීම, අනර්තය ඒ සහ සම්බන්ධ ලැබී ඇති වෙනත් වැරදි, ලක්ෂ 50ට වැඩි ආරවුල් යන පැමිණිලි සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපති විසින් පොලිස් මුලස්ථානයේ ආපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කිරිම සිදු කළ යුතු බව අදාළ නියෝගයේ සඳහන්.

Police Order1 scaled
Police Order2 scaled