ගුවන් ගමන් ප්‍රමාදය සැලසුම් සහගත වැඩක්දැයි සොයන්න උපදෙස්

ගුවන් ගමන් ප්‍රමාද කිරීම මගින් ගොඩනැගෙමින් පවතින සංචාරක ආර්ථිකය යළි බිඳ වැට්ටවීමට සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මකවේද යන්න පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්ට නිර්දේශ කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මේ බව සඳහන් කළේ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ඒ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

තවද, විවිධ අභියෝග පසුකරමින්, ආර්ථික අර්බුදයක් මධ්‍යයේ වුවද මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන කාලසීමාවක ගුවන් යානා ප්‍රමාද වීම ගැටලුවක් බව මෙම කාරක සභාවේදී සාකච්ඡාවට ලක් වුණා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සඳහන් කළේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ වෘත්තීය සමිති රාශියක් තිබෙන බවත්, විවිධ වෘත්තීය සමිති විසින් විවිධ ඉල්ලීම් හේතු කොට ගෙන සිය කාර්යභාරය නිවැරදි කාලසීමාව ඇතුළත ඉටු නොකරන බවයි. මේ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව පැමිණ සිටි නිලධාරීන් ප්‍රකාශ කළා.

මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් ගුවන් යානා ප්‍රමාදය සහ අනපේක්ෂිත ලෙස ගුවන්ගමන් අවලංගු වීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී තිබෙනවා.

මේ අනුව පවතින ප්‍රශ්න විසඳගැනීමට සියලු පාර්ශවයන් කටයුතු කළ යුතු බවත්, එය රටට හෝ රටේ ආර්ථිකයට බලපාන මට්ටම දක්වා වර්ධනය වන ලෙස කටයුතු නොකළ යුතු බවයි ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබුවේ.

තවද, සිවිල් ගුවන් සේවා (සංශෝධන) පනත් කෙටුම්පත සලකා බැලීමද මෙහිදී සිදු වූ අතර එයට ආංශික අධීක්ෂණ කාරක සභාවේ එකඟත්වය හිමි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43