මඩේ එරුණු වන අලි පැටවා බේරාගත් මෙහෙයුම (ඡායාරූප)

ජලය සොයා පැමිණි අවස්ථාවක කැකිරාව මාංකඩවල වැවේ මඩේ එරී සිටි වන අලි පැටවකු නිරුපද්‍රිතව ගොඩට ගෙන යළ වනයට පලවා හැරීමට ගනේවල්පොල වනජීවී කාර්යාල නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කර තිබෙනවා.

මෙලෙසෙ මඩේ එරී සිටි අලි පැටවා වයස අවුරුදු 10ක පමණ උස අඩි 6ක පමණ වන සත්වයෙක්.

අලියා මඩේ එරී සිටිනු දැක ඇති අයෙකු ඒ සම්බන්ධයෙන් ගනේවල්පොල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වනජීවී නිලධාරීන් මඩේ එරී සිටි වන අලි පැටවා නිරුපද්‍රිතව ගොඩ ගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතාගේ අධීක්ෂණය යටතේයි.

පෙරදින රාත්‍රියේ ගම් වැදී ඇති වන අලි රංචුවක් දිය සොයා මාංකඩවල වැවට ගිය අවස්ථාවේ එම රංචුවේ සිටි වන අලි පැටවකු මෙලෙස මඩෙහි එරී ඇති බව සඳහන්.

අඩි 05ක් පමණ ගැඹුරු මඩ වගුරක අලි පැටවා එරී සිටි අතර එම අලි පැටවා ගොඩ ගැනීමට වනජීවී නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මඩේ එරීම හමුවේ දිනක් පමණ ආහාර නොමැතිව සිටි එම අලි පැටවාට අවශ්‍ය ඖෂධ ලබා දීමෙන් අනතුරුව ගොඩ ගැනීමට මෙහෙයුම් සිදු කර තිබෙනවා.

මහත් පරිශ්‍රමයක් දරා මඩේ එරී සිටි වන අලි පැටවා නිරුපද්‍රිතව ගොඩට ගෙන මාංකඩවල වැවට යාබද වූ රක්ෂිතය වෙතට ආරක්ෂිතව පලවා හැරි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Kekirawa Elephant1
Kekirawa Elephant2
Kekirawa Elephant3
Kekirawa Elephant4
Kekirawa Elephant5
Kekirawa Elephant6
Kekirawa Elephant7
Kekirawa Elephant8
Kekirawa Elephant9
Kekirawa Elephant10
Kekirawa Elephant11
Kekirawa Elephant12
Kekirawa Elephant13
Kekirawa Elephant14
Kekirawa Elephant15
Kekirawa Elephant16
Kekirawa Elephant17
Kekirawa Elephant18
Kekirawa Elephant19
Kekirawa Elephant20
Kekirawa Elephant21


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50