spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මඩේ එරුණු වන අලි පැටවා බේරාගත් මෙහෙයුම (ඡායාරූප)

ජලය සොයා පැමිණි අවස්ථාවක කැකිරාව මාංකඩවල වැවේ මඩේ එරී සිටි වන අලි පැටවකු නිරුපද්‍රිතව ගොඩට ගෙන යළ වනයට පලවා හැරීමට ගනේවල්පොල වනජීවී කාර්යාල නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කර තිබෙනවා.

මෙලෙසෙ මඩේ එරී සිටි අලි පැටවා වයස අවුරුදු 10ක පමණ උස අඩි 6ක පමණ වන සත්වයෙක්.

අලියා මඩේ එරී සිටිනු දැක ඇති අයෙකු ඒ සම්බන්ධයෙන් ගනේවල්පොල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වනජීවී නිලධාරීන් මඩේ එරී සිටි වන අලි පැටවා නිරුපද්‍රිතව ගොඩ ගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතාගේ අධීක්ෂණය යටතේයි.

පෙරදින රාත්‍රියේ ගම් වැදී ඇති වන අලි රංචුවක් දිය සොයා මාංකඩවල වැවට ගිය අවස්ථාවේ එම රංචුවේ සිටි වන අලි පැටවකු මෙලෙස මඩෙහි එරී ඇති බව සඳහන්.

අඩි 05ක් පමණ ගැඹුරු මඩ වගුරක අලි පැටවා එරී සිටි අතර එම අලි පැටවා ගොඩ ගැනීමට වනජීවී නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මඩේ එරීම හමුවේ දිනක් පමණ ආහාර නොමැතිව සිටි එම අලි පැටවාට අවශ්‍ය ඖෂධ ලබා දීමෙන් අනතුරුව ගොඩ ගැනීමට මෙහෙයුම් සිදු කර තිබෙනවා.

මහත් පරිශ්‍රමයක් දරා මඩේ එරී සිටි වන අලි පැටවා නිරුපද්‍රිතව ගොඩට ගෙන මාංකඩවල වැවට යාබද වූ රක්ෂිතය වෙතට ආරක්ෂිතව පලවා හැරි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Kekirawa Elephant1
Kekirawa Elephant2
Kekirawa Elephant3
Kekirawa Elephant4
Kekirawa Elephant5
Kekirawa Elephant6
Kekirawa Elephant7
Kekirawa Elephant8
Kekirawa Elephant9
Kekirawa Elephant10
Kekirawa Elephant11
Kekirawa Elephant12
Kekirawa Elephant13
Kekirawa Elephant14
Kekirawa Elephant15
Kekirawa Elephant16
Kekirawa Elephant17
Kekirawa Elephant18
Kekirawa Elephant19
Kekirawa Elephant20
Kekirawa Elephant21
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?