ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ කමිටුවට එරෙහිව නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා සිදත් වෙත්තමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ලබන 10 වනදා තෙක් ඉදිරි පියවර නොගන්නා ලෙස දන්වමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සහ ලේකම් මොහාන් ද සිල්වා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේ.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ වග උත්තරකරුවන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී නොසිටින බව දැනුම් දී ඇති බවයි.

එහිදී පෙත්සම්කාර ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නීතියට පටහැණි ආකාරයට ක්‍රිකට් ආයතනයේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති බවයි.

මෙවැනි කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙනු ලැබුවා.

ඔහු පැවසුවේ මෙම කමිටුවේ නියෝජිතයන් ඩුබායි රාජ්‍යයේ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරියා හමුවීමට උත්සාහ කළ ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතියකින් තොරව තමන්ට එම කමිටු නියෝජිතයින් හමුවිය නොහැකි බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී ඇති බවයි.

මේ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තරය ඉදිරියේ අසාදු ලේඛනගත කිරීමේ අවධානමක් මතු වී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 10 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එදින තෙක් අදාළ සම්බන්ධීකරණ කමිටුව පත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉකුත් සැප්තැම්බර් මස 25 වනදා නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය මත ඉදිරි පියවර නොගන්නා ලෙස දන්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27