සැමියාගේ පිහි පහරින් දෙදරු මව මරු වැළඳගනී

ස්වාමි පුරුෂයා විසින් සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව වැල්ලව, මරළුවාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (02) උදෑසන මෙම ඝාතනය සිදුකර ඇති බවයි වැල්ලව පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්ව ඇති කාන්තාව කුරුණෑගල, මරළුවාව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි දෙදරු මවක් බවයි වාර්තා වුණේ.

මෙම අපරාධය සිදුකළ සැකකාර ස්වාමි පුරුෂයා විදේශගතව සිට දින 02කට පෙර නිවසට පැමිණ ඇති අතර, අදාළ කාන්තාව සිය දරු දෙදෙනා සමඟ නිවසේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

සැමියා සහ බිරිඳ අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් සැමියා විසින් පිහියකින් ඇණ ඇති අතර අනතුරුව කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

ඝාතනය සිදුකළ සැකකාර ස්වාමියා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරු ඔහු අධිකරණය මඟින් බන්ධනාගාර අධිකාරිය භාරයට පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58