සනත් නිශාන්ත බිලගෙව්වා කියලා නාමල් දන්නෙත් ඔහු දුරකථනයෙන් දැනුම් දුන් පසුවයි

සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විසින් විදුලි බිලක් ගෙවීම ගැන තමා දැන ගත්තේ සනත් නිශාන්ත අමාත්‍යවරයා විසින් තමාට දුරකථනයෙන් දැනුම් දුන් පසුව බව නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ මාධ්‍යවේදීන් අද සනත් නිශාන්ත විසින් ගෙවන ලද බිල්පතක් ගැන සිදු කරන ලද විමසීමකදිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ පවසා සිටියේ තවමත් විදුලි බිලක් තමාගේ නමට ලැබී නොමැති හා තිබී නොමැති බවයි.සනත් නිශාන්ත අමාත්‍යවරයා විදුලි බලමණ්ඩලයට ගොස් විමසීමේදීද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නමට කිසිදු විදුලි බිල්පතක් නොමැති බවට තහවුරු වී ඇත.නමුත් විවාහ මංගලෝත්සවයට අදාලව තිබූ බිල්පතක් සනත් නිශාන්ත විසින් ගෙවා දමා ඇති බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.මෙහිදී සනත් නිශාන්ත අමාත්‍යවරයාද පවසා තිබුණේ ත්‍රස්තවාදය තුරන් කිරීම හා රට සංවර්ධනය කල විශිෂ්ඨ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගෞරවය හා කෘතගුණ පලකිරීමට මෙම බිල්පත ගෙවා දැමූ බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
20
+1
2
+1
0
+1
1
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?