කෝලිට දෙවැනි පුහුණු තරගය මඟ හැරෙයි

එක්දින ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහි පුහුණු තරගය ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලිට අහිමිවී යා හැකි බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

දෙරට අතර පැවැත්වෙන මෙම පුහුණු තරගය හෙට (03) තිරුවානන්තපුරම් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම තරගය සඳහා ඉන්දීය කණ්ඩායම ඊයේ (01) සවස විශේෂ ගුවන් යානයකින් ගුවාහාටි සිට පැය 04ක ගමනකින් පසු තිරුවානන්තපුරම් වෙත ළඟා වූ බවයි වාර්තා වන්නේ.

මෙලෙස තිරුවානන්තපුරම් වෙත පැමිණි ඉන්දීය කණ්ඩායම සමඟ විරාට් කෝලි පැමිණ නොමැති බවට තොරතුරු වාර්තා වනවා.

සිය පුද්ගලික අවශ්‍යතාවයක් හේතුවෙන් කණ්ඩායම් කළමනාකාරීත්වයෙන් ඔහු නිවාඩුවක් ඉල්ලා ඇති අතර, ඒ අනුව කෝලි ගුවහාටි සිට නැවත මුම්බායි වෙත ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර ඉන්දියාව සහභාගී වූ පළමු පුහුණු තරගය වර්ෂාව හේතුවෙන් තරග කිරීමේ අවස්ථාව අහිමි වී ගියා.

කෙසේ වෙතත් හෙට තිරුවානන්තපුරම් හි ග්‍රීන්ෆීල්ඩ් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයට ද බොහෝ විට වර්ෂාවන් බාධා එල්ලවිය හැකි බවයි එරට කාලගුණ අංශ පුරෝකථනය කර ඇත්තේ.

මෙවර ලෝක කුසලානයේ දී ඉන්දියාව මුහුණ දෙන පළමු තරගය ඕස්ට්‍රේලියාවට එරෙහිව ඔක්තෝම්බර් 08 වනදා චෙන්නායිහි දී ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48