රේගුවට නව පත්වීම් රැසක්

කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව විවෘත තරඟ විභායකින් මෙම බඳවා ගැනීම් සිදු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී රංජිත් සියඹලාපිටිය මහතා කියාසිටියේ ශ්‍රී ලංකාව පසුගිය වසර වන විට දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ලෝකයේ අඩුම ආදයම් ලැබූ රටක් ලෙසට පත්ව තිබුණ ද ගතවූ වසරට සාපේක්ෂව මෙම වසරේ රාජ්‍ය ආදායම 50% කින් වැඩි කරගෙන ඇතත් එය ද ප්‍රමාණවත් නොවන බවයි.

ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග රැසක් ඇති අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද පෙන්වා දුන් පරිදි පරිපාලනය ශක්තිමත් කිරීම, බදු නිදහස තරමක් අඩු කිරීම මෙන්ම බදු පැහැර හැරීම සක්‍රීයව වැලැක්වීමට පියවර ගැනීම සිදු කළ යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ බදු පැහැර හැරීම වැනි කටයුතු සක්‍රීයව වැලැක්වීම ආදී කටයුතුවලදී මෙම නව තරුණ දක්ෂ නිලධාරීන්ගේ දායකත්වය ඉතා වැදගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැෂින් එකත් කරට දාගෙන ගැම්මට තණකොල කපන සමන්ත - වත්තේ පිටියේ වැඩ සමන්තට මොනාද ?
01:23
Video thumbnail
බඹරේ වගේ වටේම කැරකිලා වාහන පෙරළෙගෙන නැවතුන වෑන් රථය - සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:30
Video thumbnail
මුජිබුර් නියෝජ්‍ය මුදල් ඇමතිට හොඳටම දෙසයි - කථිකාචාර්යකම් කළා කියලා ආර්ථිකය ගොඩ දාන්න බෑ
05:14
Video thumbnail
සජිත් රනිල් දීගය කැඩෙයි ?" සජිත් කිසිම මොහොතන රනිල් එක්ක එකතු වෙන්නෙම නෑ"
02:21
Video thumbnail
එජාපයේ මගේ සහෝදරයත් පැත්තකදාලා මම නාමල් පැත්තට ආවේ - රට ඉදිරියට ගෙනියන්න පුළුවන් හොඳ නායකයෙක්
05:01
Video thumbnail
පොල්කටු ලොරියක් කඩයක් කුඩුකරන් ගිහින් සිදුවූ අනතුර - කඩේ කුඩේ කුඩු..නින්ද ගිහින් වෙච්ච විනාශයක්
01:18
Video thumbnail
අනවසර ඉදිකිරීමක් නිසා අකුරැස්සේ ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මේකට මානව හිමිකම් එකේ නඩු දානවා
17:21
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:00
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා ලක්ෂ 18ක් පමණ දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:51
Video thumbnail
මොණරාගල වැව්වලට මිරිදිය මත්ස්‍ය පැටවුන් එක් කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි
01:49