spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රේගුවට නව පත්වීම් රැසක්

කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව විවෘත තරඟ විභායකින් මෙම බඳවා ගැනීම් සිදු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී රංජිත් සියඹලාපිටිය මහතා කියාසිටියේ ශ්‍රී ලංකාව පසුගිය වසර වන විට දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ලෝකයේ අඩුම ආදයම් ලැබූ රටක් ලෙසට පත්ව තිබුණ ද ගතවූ වසරට සාපේක්ෂව මෙම වසරේ රාජ්‍ය ආදායම 50% කින් වැඩි කරගෙන ඇතත් එය ද ප්‍රමාණවත් නොවන බවයි.

ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග රැසක් ඇති අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද පෙන්වා දුන් පරිදි පරිපාලනය ශක්තිමත් කිරීම, බදු නිදහස තරමක් අඩු කිරීම මෙන්ම බදු පැහැර හැරීම සක්‍රීයව වැලැක්වීමට පියවර ගැනීම සිදු කළ යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ බදු පැහැර හැරීම වැනි කටයුතු සක්‍රීයව වැලැක්වීම ආදී කටයුතුවලදී මෙම නව තරුණ දක්ෂ නිලධාරීන්ගේ දායකත්වය ඉතා වැදගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?