තරුණයෙකුගේ සැක කටයුතු මරණයක් ගැන පොලිස් පරීක්ෂණ

පොකුණුවිට බණ්ඩාරවත්ත ප්‍රදේශයේ නිවසක සැක කටයුතු ලෙස මියගොස් සිටි තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඔහු අදාළ නිවසේ කුලී පදනම මත තාවකාලිකව පදිංචිව සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊයේ සවස හොරණ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කළ සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ මෙලෙස මියගොස් ඇති තරුණයා හල්තොට පෙතිගමුව කන්ද ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙක් බවයි.

ඔහු තම ගැබිණි බිරිඳ සමග පොකුණුවිට ප්‍රදේශයේ නිවසක කාමරයක තාවකාලිකව පදිංචිව සිටින අතර පෙරේදා (30) බිරිඳ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ රැකියාවට යාමෙන් අනතුරුව ඔහු පමණක් නිවසේ රැඳී සිට තිබෙනවා.

බිරිඳ දහවල් රැකියාව නිමවා නිවසට පැමිණි අවස්ථාවේදී තම සැමියා කාමරයේ වැටී සිටිනු දැක පොලිසියට දැනුම් දී තිබූ බව සඳහන්.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හොරණ මූලික රෝහලට යොමුකර තිබෙනවා.

හොරණ පොලිසියයි මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
6
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43
Video thumbnail
ථූපාරාමයේ, රන්කොත් වෙහෙරේ පින් කැට පොහොය දින රාත්‍රියේ සොරුන් කඩාගෙන ගිහින්
03:12
Video thumbnail
සංගීත් විජේසූරිය කළු සල්ලි සුදු කරන්න හදලා තියෙන්නේ
02:48
Video thumbnail
අනේ අපිව දාලා ගියානේ අපේ දෙයියෝ
01:33
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:03
Video thumbnail
බඹරු ප්‍ර#රයකට ලක් වී පුද්ගලයෙකුට ජීවිතය අහිමි වෙයි
01:56
Video thumbnail
අපේ රටේ තෙල් ළිං නෑනේ - මිල වැඩිවීම අපිට වළක්වන්න බෑ
03:49
Video thumbnail
මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයිද ?ඇමති නලින්ද සියල්ල හෙළිකරයි
04:04
Video thumbnail
සංගීත් විජේසූරියට වැඩ වැරදියි.. කළු සල්ලි සුදු කරන්න හදලා..?
03:11
Video thumbnail
නීතිය ක්‍රියාත්මක වෙනකොට අපරාධ කරපු අය කෑගහනවා
03:08