spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තරුණයෙකුගේ සැක කටයුතු මරණයක් ගැන පොලිස් පරීක්ෂණ

පොකුණුවිට බණ්ඩාරවත්ත ප්‍රදේශයේ නිවසක සැක කටයුතු ලෙස මියගොස් සිටි තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඔහු අදාළ නිවසේ කුලී පදනම මත තාවකාලිකව පදිංචිව සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊයේ සවස හොරණ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කළ සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ මෙලෙස මියගොස් ඇති තරුණයා හල්තොට පෙතිගමුව කන්ද ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙක් බවයි.

ඔහු තම ගැබිණි බිරිඳ සමග පොකුණුවිට ප්‍රදේශයේ නිවසක කාමරයක තාවකාලිකව පදිංචිව සිටින අතර පෙරේදා (30) බිරිඳ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ රැකියාවට යාමෙන් අනතුරුව ඔහු පමණක් නිවසේ රැඳී සිට තිබෙනවා.

බිරිඳ දහවල් රැකියාව නිමවා නිවසට පැමිණි අවස්ථාවේදී තම සැමියා කාමරයේ වැටී සිටිනු දැක පොලිසියට දැනුම් දී තිබූ බව සඳහන්.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හොරණ මූලික රෝහලට යොමුකර තිබෙනවා.

හොරණ පොලිසියයි මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
6
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?