වැස්ස තව දුරටත් – ගං වතුර ගැන විශේෂ දැනුම්දීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (29) දිනය තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිලි මීටර් 75ට වැඩි තරමක් තද වැසි ද බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක අද (29) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-45ක පමණ තරමක තද සුළං ඇතිවීමේ හැකියාව පවතිනවා.

මේ අතර දිවයිනේ බස්නාහිර සහ දකුණු පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සබරගමුව සහ මධ්‍යම පළාතේ බටහිර බෑවුම් ප්‍රදේශවල පසුගිය දින කිහිපය තුළ පවතින වර්ෂාව හේතුවෙන් නිකුත් කළ ගං වතුර අවධානම තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර සඳහන් කළේ, නිල්වලා ගඟ, ගිං ගඟ සහ කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ අවට එම තත්ත්වය තවත් පැය 24ක් පුරා වලංගුවන බවයි.

එමෙන්ම කොටපොල, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වය තවදුරටත් සුළු වශයෙන් වර්ධනය විය හැකි බව දැනුම් දෙනවා.

ඊට අමතරව ගිං ගඟ පහළ කොටසේ ගං වතුර තත්ත්වය සුළු වශයෙන් වර්ධනය වන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ පිටාර ගැලීමෙන් බුලත්සිංහල සහ පාලින්ද නුවර ප්‍රදේශීය කොට්ඨාසවල පවතින ගං වතුර තත්ත්වය වර්ධනය වීමේ හැකියාව පවතිනවා.

එම ප්‍රදේශවල පදිංචි ජනතාවත් එම ප්‍රදේශ හරහා ගමන් කරන රියදුරන් ද මේ සම්බන්ධයෙන් සැලකිලිමත්ව සිටින ලෙසට දැනුම් දෙනවා.

අත්තනගලු ඔයේ සහ කැළණි ගඟේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති අතර, මෙම ගංඟා දෙපස පදිංචි ජනතාවද ඉදිරියේ දී ඇතිවිය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙසයි දැනුම් දෙන්නේ.

කෙසේ වෙතත් මේ දක්වා ලැබී ඇති වර්ෂාපතනය අනුව අත්තනගලු ඔයේ සහ කැළණි ගඟේ ගං වතුර තත්ත්වය ඇති වීමේ අවධානමක් නොමැති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55