අද (28) දිනයේ සිට ආරම්භ වූ දීර්ඝ සති අන්ත නිවාඩුවේ විවිධ ප්‍රදේශවලට විනෝද චාරිකාවල නිරතවීමේ දී රථවාහන ධාවනයේ දී සැළකිලිමත්වන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙනවා.
මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ වාහන ධාවනයේ දී මෙලෙස සැළකිලිමත්ව රිය ධාවනය කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.
අද (28) දිනයේ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.
එමෙන්ම දීර්ඝ සති අන්තයේ දී පොලිස් රථවාහන නිලධාරීන් දිවයින පුරා විශේෂ මෙහෙයුම්වලට එක්වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර තමා පදිංචිව සිටින ප්‍රදේශයෙන් බැහැරට ගොස් ගංඟා, දියඇලි, ජලාශ, පිහිනුම් තටාක සහ මුහුදේ දිය නෑමේ දී විශේෂයෙන් සැළකිලිමත් වන ලෙසයි පොලීසිය පවසන්නේ.