ධනුෂ්ක ගුණතිලක නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ල වූ ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් වන චෝදනාවලට අදාළව ඔහු නිවැරදිකරු කරමින්, නිදොස්කොට නිදහස් කිරීමට සිඩ්නි හි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවිය තීන්දුකර තිබෙනවා.

මෙම නඩු විභාගය සිදුකළ විනිසුරු සාරා හගෙට් විසින් අද (28) දිනයේ එම තීන්දුව ප්‍රකාශයට පත්කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ටින්ඩර් සමාජ මාධ්‍ය යෙදවුම ඔස්සේ හඳුනාගත් කාන්තාවකට ඇයගේ නිවස තුළ දී ඇයව ලිංගික අපයෝජනය කිරීම යන චෝදනාව යටතේ ගුණතිලකට චෝදනා ගොනු වී තිබුණා.

එම චෝදනාවලට අදාළ නඩුව දින ගණනාවක විභාගයෙන් අනතුරුව ඉකුත් 21 වැනිදා අවසන් වුණේ එහි තීන්දුව අද දිනයේ දී ප්‍රකාශයට පත් කරන බවට දැනුම් දෙමින්.

ඒ, අනුව එහි තීන්දුව අද (28) දිනයේ ප්‍රකාශ කරමින් ධනුෂ්ක ගුණතිලක නිදොස්කොට නිදහස් කිරීමට අධිකරණය මෙලෙස කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37