spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ධනුෂ්ක ගුණතිලක නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ල වූ ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් වන චෝදනාවලට අදාළව ඔහු නිවැරදිකරු කරමින්, නිදොස්කොට නිදහස් කිරීමට සිඩ්නි හි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවිය තීන්දුකර තිබෙනවා.

මෙම නඩු විභාගය සිදුකළ විනිසුරු සාරා හගෙට් විසින් අද (28) දිනයේ එම තීන්දුව ප්‍රකාශයට පත්කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ටින්ඩර් සමාජ මාධ්‍ය යෙදවුම ඔස්සේ හඳුනාගත් කාන්තාවකට ඇයගේ නිවස තුළ දී ඇයව ලිංගික අපයෝජනය කිරීම යන චෝදනාව යටතේ ගුණතිලකට චෝදනා ගොනු වී තිබුණා.

එම චෝදනාවලට අදාළ නඩුව දින ගණනාවක විභාගයෙන් අනතුරුව ඉකුත් 21 වැනිදා අවසන් වුණේ එහි තීන්දුව අද දිනයේ දී ප්‍රකාශයට පත් කරන බවට දැනුම් දෙමින්.

ඒ, අනුව එහි තීන්දුව අද (28) දිනයේ ප්‍රකාශ කරමින් ධනුෂ්ක ගුණතිලක නිදොස්කොට නිදහස් කිරීමට අධිකරණය මෙලෙස කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
4
+1
49
+1
1
+1
2
+1
4
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?