‘මෙම තීරණය මගේ ක්‍රිකට් දිවියේ දිගු ගමනට උපකාරයක් වේවි’ – නවීන් එක්දින පිටිය හැර යයි

එළඹෙන ලෝක කුසලානයෙන් පසු තමන් ජාත්‍යනතර එක්දින ක්‍රිකට් පිටියට සමුදෙන බව ඇෆ්ගනිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක නවීන්-උල්-හක් පවසනවා.

සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට සටහනක් එක්කරමින් නවීන්-උල්-හක් සිය එක්දින පිටියේ සමුගැනීම පිළිබඳව දැනුම් දී තිබුණා.

එම සටහනේ ඔහු පවසා ඇත්තේ මෙය පහසු තීරණයක් නොවූවත් එය ඔහුගේ ක්‍රීඩා දිවිය දිගුකර ගැනීමට උපකාරී වනු ඇති බවයි.

තම රට වෙනුවෙන් නිල් පැහැති ජර්සිය විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ දී දිගටම අඳිනු ඇති බවයි ඔහු එහි වැඩිදුරටත් පවසා ඇත්තේ.

නිමා වූ ආසියානු කුසලානය වෙනුවෙන් ඇෆ්ගනිස්ථානය නියෝජනයට අවස්ථාවක් නොලැබුණු ඔහු මෙවර ඇෆ්ගනිස්ථාන ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබෙනවා.

තවමත් 24 හැවිරිදි වියේ පසුවන ඔහු ලොව පුරා ෆ්‍රැන්චයිස් ලීගවල ප්‍රමුඛ චරිතයක් වී සිටිනවා.

නවීන් ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග හතකට පමණක් සහභාගී වී ඇති අතර එහිදී ඔහු කඩුලු 14ක් දවාගෙන ඇත්තේ සාමාන්‍ය 25.42ක් ලෙස රඳවා ගනිමින්.

2016 දී මිර්පූර්හි දී බංග්ලාදේශයට එරෙහිව සිය මංගල එක්දින තරගය ආරම්භ කළ නවීන්-උල්-හක්, ඔහුගේ අවසන් එක්දින තරගය වූයේ 2021 දී අයර්ලන්තයට එරෙහිව අබුඩාබිහිදී පැවති තරගයයි.

1 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00