AFC Banner
Empty Ad
Empty Ad

වසර 07කට පසු පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට (වීඩියෝ)

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ (27) රාත්‍රියේ ඉන්දියාව පැමිණියා.

පාකිස්ථානය ක්‍රිකට් කණ්ඩායමක් මෙලෙස ඉන්දියාවට පැමිණියේ වසර හතකට පසුව වීම විශේෂත්වයක්.

බබාර් අසාම්ගේ නායකත්වයෙන් යුත් පාකිස්ථාන කණ්ඩායම ඩුබායි සිට ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත පැමිණ තිබූ බවයි වාර්තා වුණේ.

පාකිස්ථාන කණ්ඩායමේ ලෝක කුසලාන ගමන හෙට (29) දිනයේ නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පෙර පුහුණු තරගයෙන් ආරම්භ වන අතර, ඔවුන්ගේ දෙවන පුහුණු තරග ඔක්තෝබර් 3 වැනිදා ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙනවා.

ඉන්දියාවට පැමිණි පාකිස්ථාන කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

“සියලුම කණ්ඩායම්වලට හොඳම ආරක්ෂාව සපයනු ලබන බවත්, හොඳින් රැකබලා ගන්නා බවට BCCIය ICCය වෙත සහතික වී තිබෙනවා. එබැවින් මම අපේ කණ්ඩායමට වෙනස් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපගේ කණ්ඩායමට ඉන්දියාවේදී කිසිඳු ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි මම සිතන්නේ නැහැ.” යනුවෙන් පාකිස්ථාන ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ සාකා අෂ්රෆ් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
3
+1
4
+1
2
+1
3
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?