වසර 07කට පසු පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට (වීඩියෝ)

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ (27) රාත්‍රියේ ඉන්දියාව පැමිණියා.

පාකිස්ථානය ක්‍රිකට් කණ්ඩායමක් මෙලෙස ඉන්දියාවට පැමිණියේ වසර හතකට පසුව වීම විශේෂත්වයක්.

බබාර් අසාම්ගේ නායකත්වයෙන් යුත් පාකිස්ථාන කණ්ඩායම ඩුබායි සිට ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත පැමිණ තිබූ බවයි වාර්තා වුණේ.

පාකිස්ථාන කණ්ඩායමේ ලෝක කුසලාන ගමන හෙට (29) දිනයේ නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පෙර පුහුණු තරගයෙන් ආරම්භ වන අතර, ඔවුන්ගේ දෙවන පුහුණු තරග ඔක්තෝබර් 3 වැනිදා ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙනවා.

ඉන්දියාවට පැමිණි පාකිස්ථාන කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

“සියලුම කණ්ඩායම්වලට හොඳම ආරක්ෂාව සපයනු ලබන බවත්, හොඳින් රැකබලා ගන්නා බවට BCCIය ICCය වෙත සහතික වී තිබෙනවා. එබැවින් මම අපේ කණ්ඩායමට වෙනස් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපගේ කණ්ඩායමට ඉන්දියාවේදී කිසිඳු ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි මම සිතන්නේ නැහැ.” යනුවෙන් පාකිස්ථාන ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ සාකා අෂ්රෆ් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51