පළමු පුහුණු තරගයේ සිටම හොඳින් ක්‍රීඩා කිරීම බලාපොරොත්තුවයි – දසුන් ශානක

ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම යහපත් මානසික මට්ටමකින් පසුවන බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් නායක දසුන් ශානක පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා මේ බව සඳහන් කළේ එළෙඹෙන ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාව බලා පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පළමු පුහුණු තරගයේ සිට ලෝක කුසලාන තරගාවලියේ සෑම තරගයක්ම ඉතා හොඳින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවන බව දසුන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එමෙන්ම ලෝක කුසලාන තරගාවලිය තුළ පිතිකරුවන්ට වැඩි වාසි ගෙනදෙන තණතීරු මෙවර ඉන්දියාවෙන් බලාපොරොත්තු විය හැකි බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව තුළ තමන්ගේ සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට තමන් බලාපොරොත්තු වන බවයි මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් දසුන් පැවසුවේ.

මේ අතර ඉන්දියාවේ තණතීරුවල ක්‍රීඩා කිරීමට තමන් බොහෝසෙයින් ප්‍රියකරන බවත්, අයි.පී.එල්. තරගාවලිය ඉන්දීය තණතීරුවල ක්‍රීඩා කිරීමෙන් තමන් ලැබූ අත්දැකීම් ලෝක කුසලාන තරගාවලියේ දී උපකාර වනු ඇති බව ද දසුන් පවසා සිටියා.

ආබාධයකට ලක්ව සිටින දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියා.

එහිදී දසුන් සඳහන් කළේ තරගාවලියේ මුල් තරග හතර, පහ සඳහා වනිඳුගේ සහභාගීත්ව අවිනිශ්චිත බවත්, ඒ හේතුවෙන් ඔහු ප්‍රධාන සංචිතය සඳහා නම් නොකර ඇති බවත් සඳහන් කළා.

කෙසේ වෙතත් ඉදිරි තරග සඳහා ඔහුට සම්බන්ධවීමේ වැඩි අවස්ථාවක් පවත්න බවයි ශ්‍රී ලංකා නායකයා පැවසුවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඊයේ (26) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියා.

ශ්‍රී ලංකා පිළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 141 දරන ගුවන් යානයෙන් රාත්‍රී 11.40ට ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව ගිය බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

  1. PUTHA BOLA HONDHA FIGHT EKAK DEELA GAWURAWANWITHAWA DINUWATH GAWURAWANWITHAWA PERADUNATH APITA KAMAK NAHE. NAMUTH INDIA WALATA PERADUNA WAGEYI KUJEETHU LESA AYE KISIDAKA PARADINNA EPA. APITA MARAYA NAGINNE ANNA ETHAKOTA. DAN UNA DEYA UNA,EWA GENA HITHA HITHA DUK WENNA ONA NAHE. EKA PADAMAKATA ARAGENA MEKA PLAY KARANNA. APITA ONA HEMA MATCH EKAMA KARATA KARA SATANAK. DINUMA PERADUMA MOKAK UNATH.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48