මාස 03ක කුඩා බිළිඳෙකු මව්කිරි සිරවීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව යාපනය රෝහල් ආරංචි මාර්ග පවසනවා.
මව විසින් පෙරේදා (23) රාත්‍රියේ බිළිඳාට මව්කිරි ලබාදීමේ දී කිරි පිට උඟුරේ යෑම හේතුවෙන් බිළිඳා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.
බිළිඳා රෝහල් ගතකරන අවස්ථාව වන විටත් අවාසනාවන්ත ලෙස මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
මියගිය බිළිඳාගේ මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (24) යාපනය රෝහල් මෘත ශරීරාගාරයේ දී සිදුකර තිබෙනවා.
එහි දී අනාවරණය වි ඇත්තේ මවිකිරි පෙනහළු ආශ්‍රිතව සිරවීමෙන් බිළිඳා මියගොස් ඇති බවයි.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර ඥාතීන් වෙත භාරදුන් බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවා.














PITI UGURA KIYANNE SWASA NALAYA THULIN PENAHALU WALATA YANA EKAYI. MAGE NANGI GE DUWA PODI KALETH OKAMA UNA. GEDARA EHA PATHHTHE DISPENSARY EKA, DOK KIYUWA HOSPITAL GENI YANNA KIYALA, YANNA WAHANAYAK NAHE, ETHANATA DARUWATA BEHETH GANNA AWITH SITI KARUNUKA DEPOLAK APE GEDARATA AWITH NOMILEMA KALUBOWILA HOSPITAL EKKAN GIHIN ADMIT KARALA APIWA AYE BASSALA GIYA, PAHUWENIDHA CALL KALA. HENDEWE AWITH HOYALA BALUWA EKA EY DARUGE WASANAWA. EYI KARUNIKA DEPOLATA PIN DENAWA API THAMATH.