spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මව්කිරි සිර වී බිළිඳෙක් අවාසනාවන්ත ලෙස නොඑන ගමන් ගිහින්

මාස 03ක කුඩා බිළිඳෙකු මව්කිරි සිරවීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව යාපනය රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මව විසින් පෙරේදා (23) රාත්‍රියේ බිළිඳාට මව්කිරි ලබාදීමේ දී කිරි පිට උඟුරේ යෑම හේතුවෙන් බිළිඳා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

බිළිඳා රෝහල් ගතකරන අවස්ථාව වන විටත් අවාසනාවන්ත ලෙස මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මියගිය බිළිඳාගේ මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (24) යාපනය රෝහල් මෘත ශරීරාගාරයේ දී සිදුකර තිබෙනවා.

එහි දී අනාවරණය වි ඇත්තේ මවිකිරි පෙනහළු ආශ්‍රිතව සිරවීමෙන් බිළිඳා මියගොස් ඇති බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර ඥාතීන් වෙත භාරදුන් බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
13
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?