AFC Banner
Empty Ad
Empty Ad

‘නිපා’ වෛරසයට මුහුණ දෙන්න සූදානම් – සෞඛ්‍ය ඇමති

‘නිපා’ වෛරසයෙන් ශ්‍රී ලංකාවට මෙතෙක් තර්ජනයක් නොමැති වුවත් ඉන් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය හා නිරන්තරයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

මහනුවර ප්‍රදේශයේ දී අද (24) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

කුමන හෝ හේතුවකින් ‘නිපා’ වෛරස් රෝගීන් රට තුළින් වාර්තා වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව ද සෞඛ්‍ය විශේෂඥයින් සමඟ සාකච්ඡා සිදුකරන බව ද ඔහු මෙහිදී කියා සිටියා.

ගුවන් මඟින් වෛරසය අසාධිත පුද්ගලයින් රටට ඇතුළු වීමේ අවධානමක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා, වන්දනා ගමන් සඳහා විදේශ ගතවන පුද්ගලයින් මඟින් රෝගය රටට ඇතුළුවීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කර ඇති බවයි පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
7
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?