‘නිපා’ වෛරසයට මුහුණ දෙන්න සූදානම් – සෞඛ්‍ය ඇමති

‘නිපා’ වෛරසයෙන් ශ්‍රී ලංකාවට මෙතෙක් තර්ජනයක් නොමැති වුවත් ඉන් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය හා නිරන්තරයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

මහනුවර ප්‍රදේශයේ දී අද (24) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

කුමන හෝ හේතුවකින් ‘නිපා’ වෛරස් රෝගීන් රට තුළින් වාර්තා වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව ද සෞඛ්‍ය විශේෂඥයින් සමඟ සාකච්ඡා සිදුකරන බව ද ඔහු මෙහිදී කියා සිටියා.

ගුවන් මඟින් වෛරසය අසාධිත පුද්ගලයින් රටට ඇතුළු වීමේ අවධානමක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා, වන්දනා ගමන් සඳහා විදේශ ගතවන පුද්ගලයින් මඟින් රෝගය රටට ඇතුළුවීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කර ඇති බවයි පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29