වෙඩි ප්‍රහාර මැද පළාගිය කැබ් රථය අත්අඩංගුවට ගත් මෙහෙයුම

බෙලිඅත්ත සිටිනාමලුව ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ කැබ් රථයක් වෙඩි තබා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඊයේ දහවල් සිදු කළ විශේෂ රථ වාහන පරීක්ෂාවකදීයි තංගල්ල සිට බෙලිඅත්ත දෙසට මාර්ග නීති උල්ලංඝණය කරමින් ධාවනය වූ අදාළ කැබ් රථයට නතර කරන ලෙසට නතර කරන ලෙසට අණකර ඇත්තේ.

එහිදී කැබ් රථය පොලිස් අණ නොතකා නිලධාරීන් අනතුරට ලක් කර බෙලිඅත්ත දෙසට පළාගොස් තිබෙනවා.

බෙලිඅත්ත වටරවුම අසලදී යළිත් පොලිස් නිලධාරීන් පිරිසක් එම රථය නතර කරන ලෙසට සංඥා කළ ද එය නොතකා රථය ගැටමාන්න මාර්ගයේ ධාවනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුව බෙලිඅත්ත වටරවුම අසල රැඳී සිටි පොලිස් නිලධාරීන් කැබ් රථය හඹා යන අතර ඒ සම්බන්ධයෙන් ගැටමාන්න මාර්ගයේ බණ්ඩාරවත්ත හන්දිය අසල යොදා තිබූ මාර්ග බාධකයට දැනුම්දී තිබෙනවා.

පළා යමින් තිබූ කැබ් රථය එම මාර්ග බාධකය දැක ආපසු හරවා ඔවුන් හඹා ආ පොලිස් යතුරුපැදිය ද යට කරමින් පළා යාමටයි උත්සාහ කර ඇත්තේ.

එහිදී යතුරුපැදියේ සිටි පොලිස් නිලධාරීන් කැබ් රථයේ රෝදවලට වෙඩි ප්‍රහාර දෙකක් එල්ලකර තිබෙනවා.

වෙඩි ප්‍රහාර හමුවේ පළාගිය කැබ් රථය බෙලිඅත්ත අම්බල හන්දියේදී අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී පොලිසිය විසින් නතර කරගෙන ඇතැයි සඳහන්.

එම කැබ් රථයේ සිටි 23 හැවිරිදි තරුණයෙක් සහ 63 හැවිරිදි කාන්තාවක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26