spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෙඩි ප්‍රහාර මැද පළාගිය කැබ් රථය අත්අඩංගුවට ගත් මෙහෙයුම

බෙලිඅත්ත සිටිනාමලුව ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ කැබ් රථයක් වෙඩි තබා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඊයේ දහවල් සිදු කළ විශේෂ රථ වාහන පරීක්ෂාවකදීයි තංගල්ල සිට බෙලිඅත්ත දෙසට මාර්ග නීති උල්ලංඝණය කරමින් ධාවනය වූ අදාළ කැබ් රථයට නතර කරන ලෙසට නතර කරන ලෙසට අණකර ඇත්තේ.

එහිදී කැබ් රථය පොලිස් අණ නොතකා නිලධාරීන් අනතුරට ලක් කර බෙලිඅත්ත දෙසට පළාගොස් තිබෙනවා.

බෙලිඅත්ත වටරවුම අසලදී යළිත් පොලිස් නිලධාරීන් පිරිසක් එම රථය නතර කරන ලෙසට සංඥා කළ ද එය නොතකා රථය ගැටමාන්න මාර්ගයේ ධාවනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුව බෙලිඅත්ත වටරවුම අසල රැඳී සිටි පොලිස් නිලධාරීන් කැබ් රථය හඹා යන අතර ඒ සම්බන්ධයෙන් ගැටමාන්න මාර්ගයේ බණ්ඩාරවත්ත හන්දිය අසල යොදා තිබූ මාර්ග බාධකයට දැනුම්දී තිබෙනවා.

පළා යමින් තිබූ කැබ් රථය එම මාර්ග බාධකය දැක ආපසු හරවා ඔවුන් හඹා ආ පොලිස් යතුරුපැදිය ද යට කරමින් පළා යාමටයි උත්සාහ කර ඇත්තේ.

එහිදී යතුරුපැදියේ සිටි පොලිස් නිලධාරීන් කැබ් රථයේ රෝදවලට වෙඩි ප්‍රහාර දෙකක් එල්ලකර තිබෙනවා.

වෙඩි ප්‍රහාර හමුවේ පළාගිය කැබ් රථය බෙලිඅත්ත අම්බල හන්දියේදී අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී පොලිසිය විසින් නතර කරගෙන ඇතැයි සඳහන්.

එම කැබ් රථයේ සිටි 23 හැවිරිදි තරුණයෙක් සහ 63 හැවිරිදි කාන්තාවක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?