ලෝක කුසලානයට පාකිස්ථාන සංචිත නම් කෙරේ

එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පාකිස්ථානය මේ වනවිට සිය සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂා ආසියානු කුසලානයේ දී ආබාධයකට ලක්වීමත් සමඟ ඔහුට මෙවර ලෝක කුසලානය අහිමිව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

නසීම්ට ලෝක කුසලානය අහිමිවීමත් සමඟ පාකිස්ථාන වේග පන්දු බලඇණිය සැලකිය යුතු පසුබෑමකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නසීම් ෂා වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලි සංචිතයට නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

අද (22) දිනයේ නිවේදනය කළ පාකිස්ථාන සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ලෝක කුසලාන තරගාවලියට පෙර පාකිස්තානය නවසීලන්තයට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව පෙරහුරු තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ඔවුන් ලෝක කුසලාන ගමන අරඹන්නේ ඔක්තෝම්බර් 6 වනදා හයිද්‍රාබාද්හි දී නෙදර්ලන්තයට එරෙහිවයි.

පාකිස්ථාන සංචිතය පහතින්,

බබාර් අසාම් (නායක), ෂඩාබ් ඛාන්, ෆකාර් සමාන්, ඉමාම් උල් හක්, අබ්දුල්ලා ෂෆීක්, මොහොමඩ් රිස්වාන්, සවුද් ෂකීල්, ඉෆ්තිකාර් අහමඩ්, සල්මන් අලි ආගා, මොහොමඩ් නවාස්, උසාමා මිර්, හරිස් රවුෆ් , හසන් අලි, ෂහීන් ෂා අෆ්රිඩි, මොහොමඩ් වසීම්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34