spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝක කුසලානයට පාකිස්ථාන සංචිත නම් කෙරේ

එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පාකිස්ථානය මේ වනවිට සිය සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂා ආසියානු කුසලානයේ දී ආබාධයකට ලක්වීමත් සමඟ ඔහුට මෙවර ලෝක කුසලානය අහිමිව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

නසීම්ට ලෝක කුසලානය අහිමිවීමත් සමඟ පාකිස්ථාන වේග පන්දු බලඇණිය සැලකිය යුතු පසුබෑමකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නසීම් ෂා වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලි සංචිතයට නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

අද (22) දිනයේ නිවේදනය කළ පාකිස්ථාන සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ලෝක කුසලාන තරගාවලියට පෙර පාකිස්තානය නවසීලන්තයට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව පෙරහුරු තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ඔවුන් ලෝක කුසලාන ගමන අරඹන්නේ ඔක්තෝම්බර් 6 වනදා හයිද්‍රාබාද්හි දී නෙදර්ලන්තයට එරෙහිවයි.

පාකිස්ථාන සංචිතය පහතින්,

බබාර් අසාම් (නායක), ෂඩාබ් ඛාන්, ෆකාර් සමාන්, ඉමාම් උල් හක්, අබ්දුල්ලා ෂෆීක්, මොහොමඩ් රිස්වාන්, සවුද් ෂකීල්, ඉෆ්තිකාර් අහමඩ්, සල්මන් අලි ආගා, මොහොමඩ් නවාස්, උසාමා මිර්, හරිස් රවුෆ් , හසන් අලි, ෂහීන් ෂා අෆ්රිඩි, මොහොමඩ් වසීම්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?