මිලියන 132ක කේරළ ගංජා තොගයක් මීගමුවේදී අත්අඩංගුවට

මීගමුව මංකුලිය කළපු ප්‍රදේශයේදී අද සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 400කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

බටහිර නාවික විධානයට අයත් කැළණි නෞකාව මඟින් අද මංකුලිය කළපු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එහිදී එම කළපු ප්‍රදේශයේ නවතා තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කිරීමේදී, එහි සූක්ෂම ලෙස සඟවා තිබූ පාර්සල් 10ක අසුරන ලද, කේරළ ගංජා කිලෝ 400යි ග්‍රෑම් 810ක පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 132කට අධික බවටයි විශ්වාස කෙරෙන්නේ.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව සුරාබදු කාර්යාලය වෙත භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර බන්ධනාගාරයට ආ බලධාරින් පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට යන හැටි
00:53
Video thumbnail
මහර බන්ධනාගාරයේ කුස්සියට ගි# තියයි.."සර් කුස්සියට ගි# තියලා..ඉක්මනට වාහනේ ගන්න"
01:15
Video thumbnail
යුද හමුදාපති දැඩි ආරක්ෂාව මැද පිටව ගිය හැටි - කොහොමද දෙන ආරක්ෂාව
01:16
Video thumbnail
එක පාරම මහර බන්ධනාගාර අහසෙන් මතුවූ දේ මෙන්න - මොකක්ද මේ කළු දුමක් එන්නේ ?
02:08
Video thumbnail
බන්ධනාගාර අහසේ ඩ්‍රෝන යානා සැරි සරණ අයුරු මෙන්න - තවත් සන්නද්ධ රථ පැමිණෙයි
01:35
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ
00:42
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ - කොහොමද ඒ නිලධාරින්ගේ ගැම්ම
01:41
Video thumbnail
UNI BUFFEL සන්නද්ධ රථ පෝළිමට මහර බන්ධනාගාරයට එන හැටි - මෙන්න නවතම දර්ශන
02:01
Video thumbnail
තවත් SF නිලධාරින් සෙට් එකක්ම මහර බන්ධනාගාරයට
01:18
Video thumbnail
යුද හමුදාපතිත් දැඩි ආරක්ෂාව මැද මහරට
01:19