spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිලියන 132ක කේරළ ගංජා තොගයක් මීගමුවේදී අත්අඩංගුවට

මීගමුව මංකුලිය කළපු ප්‍රදේශයේදී අද සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 400කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

බටහිර නාවික විධානයට අයත් කැළණි නෞකාව මඟින් අද මංකුලිය කළපු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එහිදී එම කළපු ප්‍රදේශයේ නවතා තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කිරීමේදී, එහි සූක්ෂම ලෙස සඟවා තිබූ පාර්සල් 10ක අසුරන ලද, කේරළ ගංජා කිලෝ 400යි ග්‍රෑම් 810ක පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 132කට අධික බවටයි විශ්වාස කෙරෙන්නේ.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව සුරාබදු කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?