දසුන්ගේ නායකත්වය ගැන මාලිංගගෙන් ප්‍රකාශයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මෙහෙයවිය යුතු බවට හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු කියාසිටියේ දසුන් ශානක කණ්ඩායමේ ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රීඩා ලෝලීන්ට දුෂ්කර කාලසීමාවකදී නායකත්වය භාරගත් බවයි.

ඔහුගේ නායකත්වය තුලින් ශ්‍රී ලංකා කණ්ඩායම ජාතික තලයේ ස්ථාවරත්වයක් මෙන්ම ගෞරවයක් රැගෙන ඒමට සමත්වූ බවයි මාලිංග පෙන්වා දෙන්නේ.

ඔහුගේ සන්සුන් මෙන්ම සාමුහික කැපවීම අත්‍යවශ්‍ය කරුණක් බව ද හිටපු වේග පන්දු යවන්නා ප්‍රකාශ කරනවා.

ආසියානු කුසලානය ද ජයග්‍රහණය කර වාර්තාගත එක්දින තරග ජයග්‍රහණ වාර්තාවක් ද සමගින් දසුන් ශානක ලෝක කුසලාන තරගාවලියේ ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වනු ඇතැයි තමා ඇතුලු සියලුදෙනාගේ අපේක්ෂාව බව ලසිත් මාලිංග සඳහන් කර තිබෙනවා.

අලුත් නායකත්වයක් යටතේ ලෝක කුසලාන තරගාවලියට යාම කණ්ඩායමට සහයෝගයක් නොවන බවයි මාලිංග ප්‍රකාශ කර ඇත්තේ.

එබැවින් තීරණයක් ගැනීමට පෙර ක්‍රිකට් ආයතන බලධාරීන් මේ සියල්ල සැලකිල්ලට ගනු ඇතැයි තමා බලාපොරොත්තු වන අතර සාර්ථක ක්‍රිකට් ලෝක කුසලානයක් සඳහා දසුන් ඇතුලු කණ්ඩායමට සහාය දෙන බව ද මාලිංග සඳහන් කර තිබෙනවා.

Lasith Malinga
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
41
+1
1
+1
19
+1
2
+1
3
+1
7
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32