ශ්‍රී ලංකාව 2023 ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

ඒ පාකිස්ථානය සමග පැවති තරගය කඩුලු 2කින් ජය ගනිමින්. තරගය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 42 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 252ක්.

මෙම තරගය අද පස්වරු 3ට ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද පැවති වර්ෂාව හේතුවෙන් එය ආරම්භ කෙරුණේ පස්වරු 5.15ටයි.

එක් කණ්ඩායමකට පන්දුවාර 45 බැගින් ලබාදී තරගය පවත්වාගෙන යාමට තීරණය කර තරගය ආරම්භ කළ ද 27 වන පන්දු වාරයේදී යළිත් තරගයට වර්ෂාවෙන් බාධා මතුවුණා.

එහිදී තාවකාලිකව නතර කරනු ලැබූ පාකිස්ථාන ඉනිම යළිත් ආරම්භ කරනු ලැබුවේ එක් කණ්ඩායමකට පන්දුවාර 42ක් බැගින් ලබා දීමට තීරණය කරමිනුයි.

ඒ අනුව පන්දුවට පහරදුන් පාකිස්ථානය තම පන්දුවාර 42 අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 252ක් රැස් කරගෙන සිටියා.

Abdullah Shafique ලකුණු 52යි. නායක Babar Azam ලකුණු 29කට දැවී ගියා. Iftikhar Ahmed 47යි. Mohammad Rizwan නොදැවී ලකුණු 86ක් ලබා ගත්තේ හතරේ පහර 6ක් සහ 6 පහර 2ක් සමගින්.

පාකිස්ථාන කණ්ඩායමේ කඩුලු 3ක් බිඳහෙලීමට මතීෂ පතිරණ සමත්වුණා. ප්‍රමෝද් මදුෂාන් කඩුලු 2යි.

ඩක්වත් ලුවිස් න්‍යාය අනුව තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය පන්දුවාර 42කදී ලකුණු 252ක් ලබා ගැනීමයි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ ප්‍රබල චරිතයක් වූ චරිත් අසලංක නොදැවී 49යි.

කුසල් මෙන්ඩිස් 91යි. හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක්ද සමග පන්දු 87කින් ලකුණු 91ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් දැවී ගියේ ඉෆ්තිකාර් අහමඩ්ගේ පන්දුවක් හමුවේ මොහොමඩ් හැරිස් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

සධීර සමරවික්‍රම තම 6 වන එක්දින අර්ධ ශතකය අබියසට පැමිණ ලකුණු 48ක් ලබා සිටියදී දැවී ගියා. පැතුම් නිස්සංක 29යි. නායක දසුන් ශානක ලකුණු 2ක් ලබා සිටියදී දැවී ගියා.

Iftikhar Ahmed කඩුළු 3ක් සහ Shaheen Shah Afridi ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 2ක් බිඳ හෙලුවා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන ඉරිදා පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
22
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?