ශ්‍රී ලංකාව 2023 ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

ඒ පාකිස්ථානය සමග පැවති තරගය කඩුලු 2කින් ජය ගනිමින්. තරගය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 42 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 252ක්.

මෙම තරගය අද පස්වරු 3ට ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද පැවති වර්ෂාව හේතුවෙන් එය ආරම්භ කෙරුණේ පස්වරු 5.15ටයි.

එක් කණ්ඩායමකට පන්දුවාර 45 බැගින් ලබාදී තරගය පවත්වාගෙන යාමට තීරණය කර තරගය ආරම්භ කළ ද 27 වන පන්දු වාරයේදී යළිත් තරගයට වර්ෂාවෙන් බාධා මතුවුණා.

එහිදී තාවකාලිකව නතර කරනු ලැබූ පාකිස්ථාන ඉනිම යළිත් ආරම්භ කරනු ලැබුවේ එක් කණ්ඩායමකට පන්දුවාර 42ක් බැගින් ලබා දීමට තීරණය කරමිනුයි.

ඒ අනුව පන්දුවට පහරදුන් පාකිස්ථානය තම පන්දුවාර 42 අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 252ක් රැස් කරගෙන සිටියා.

Abdullah Shafique ලකුණු 52යි. නායක Babar Azam ලකුණු 29කට දැවී ගියා. Iftikhar Ahmed 47යි. Mohammad Rizwan නොදැවී ලකුණු 86ක් ලබා ගත්තේ හතරේ පහර 6ක් සහ 6 පහර 2ක් සමගින්.

පාකිස්ථාන කණ්ඩායමේ කඩුලු 3ක් බිඳහෙලීමට මතීෂ පතිරණ සමත්වුණා. ප්‍රමෝද් මදුෂාන් කඩුලු 2යි.

ඩක්වත් ලුවිස් න්‍යාය අනුව තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය පන්දුවාර 42කදී ලකුණු 252ක් ලබා ගැනීමයි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ ප්‍රබල චරිතයක් වූ චරිත් අසලංක නොදැවී 49යි.

කුසල් මෙන්ඩිස් 91යි. හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක්ද සමග පන්දු 87කින් ලකුණු 91ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් දැවී ගියේ ඉෆ්තිකාර් අහමඩ්ගේ පන්දුවක් හමුවේ මොහොමඩ් හැරිස් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

සධීර සමරවික්‍රම තම 6 වන එක්දින අර්ධ ශතකය අබියසට පැමිණ ලකුණු 48ක් ලබා සිටියදී දැවී ගියා. පැතුම් නිස්සංක 29යි. නායක දසුන් ශානක ලකුණු 2ක් ලබා සිටියදී දැවී ගියා.

Iftikhar Ahmed කඩුළු 3ක් සහ Shaheen Shah Afridi ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 2ක් බිඳ හෙලුවා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන ඉරිදා පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
22
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33