AFC Banner
Empty Ad
Empty Ad

වියට්නාමයේ මහල් නිවාසයක ගින්නකින් 30කට වැඩි පිරිසක් මරුට

වියට්නාමයේ හැනෝයි අගනුවර මහල් නිවාසයක ඇති වූ ගින්නකින් ළමයින් ඇතුලු පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

නිවැසියන් 150ක් පමණ වාසය කරන මහල් නවයකින් යුත් ගොඩනැගිල්ලක රාත්‍රියේදී ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයින් 70 දෙනෙකු පමණ බේරා ගත් බව රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කර තිබෙනවා.

රාත්‍රියේ හටගත් ගින්න මේ වන විට මැඩපවත්වා තිබුණ ද මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

හැනෝයි හි බලධාරීන් පවසන්නේ අලුතින් ඉදිකරන ලද බොහෝ මහල් නිවාස, ගිනි ආරක්ෂණ රෙගුලාසිවලට අනුකූල නොවන බවයි.

ගින්නට හේතුව විමර්ශනය කරමින් පවතින අතර ඇසින් දුටු පුද්ගලයන් පැවසුවේ ගින්න පළමුවෙන්ම යතුරුපැදිවලින් පිරී තිබූ වාහන නැවැත්වීමේ මහලෙන් ආරම්භ වූ බවයි.

සහායට ගිනි නිවන රථ 15ක් යවා ඇතත් දැවෙන තට්ටු නිවාසයට ළං වීමට නොහැකි වී ඇත්තේ මංතීරුව ඉතා පටු වීම හේතුවෙන්.

මීට වසරකට පෙර, දකුණු වියට්නාමයේ කැරෝකී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 33 දෙනෙකු මිය ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?