වියට්නාමයේ මහල් නිවාසයක ගින්නකින් 30කට වැඩි පිරිසක් මරුට

වියට්නාමයේ හැනෝයි අගනුවර මහල් නිවාසයක ඇති වූ ගින්නකින් ළමයින් ඇතුලු පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

නිවැසියන් 150ක් පමණ වාසය කරන මහල් නවයකින් යුත් ගොඩනැගිල්ලක රාත්‍රියේදී ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයින් 70 දෙනෙකු පමණ බේරා ගත් බව රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කර තිබෙනවා.

රාත්‍රියේ හටගත් ගින්න මේ වන විට මැඩපවත්වා තිබුණ ද මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

හැනෝයි හි බලධාරීන් පවසන්නේ අලුතින් ඉදිකරන ලද බොහෝ මහල් නිවාස, ගිනි ආරක්ෂණ රෙගුලාසිවලට අනුකූල නොවන බවයි.

ගින්නට හේතුව විමර්ශනය කරමින් පවතින අතර ඇසින් දුටු පුද්ගලයන් පැවසුවේ ගින්න පළමුවෙන්ම යතුරුපැදිවලින් පිරී තිබූ වාහන නැවැත්වීමේ මහලෙන් ආරම්භ වූ බවයි.

සහායට ගිනි නිවන රථ 15ක් යවා ඇතත් දැවෙන තට්ටු නිවාසයට ළං වීමට නොහැකි වී ඇත්තේ මංතීරුව ඉතා පටු වීම හේතුවෙන්.

මීට වසරකට පෙර, දකුණු වියට්නාමයේ කැරෝකී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 33 දෙනෙකු මිය ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15