සිසුවියන්ට අතවර කළ ඉංග්‍රීසි ගුරුවරයා අත්අඩංගුවට

කුරුණෑගල නගරයේ මිශ්‍ර පාසලක පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් එකොළොස් දෙනෙකු පමණ ලිංගික අතවරයකට ලක් කළ බව කියන එම පාසලේ ඉංග්‍රීසි විෂයය උගන්වන ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ගුරුවරයා පොතුහැර ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි දෙදරු පියෙකු වන අතර දෙමව්පියන් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීම හේතුවෙන් ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරු තම විෂය උගන්වන අවස්ථාවේදී පන්තියේ සිටින සිසුවියන්ට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වමින් සිසුවියන්ගේ ශරීරය ස්පර්ශ කරමින් ඔවුන් අතවරයට ලක් කර ඇති බවට චෝදනා එල්ලවී තිබෙනවා.

දිනපතා සිදු කරන මෙම අතවර සම්බන්ධයෙන් සිසුවියන් නිවසේදී තම දෙමාපියන්ට දැන්වීමෙන් පසුවයි ඔවුන් මේ සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇත්තේ.

අතවරයකට ලක්ව සිටින සිසුවියන්ගේ දෙමාපියන් මේ පිළිබඳව එම පාසලේ විදුහල්පතිවරයාට ද පැමිණිලි කර තිබුණා.

එහෙත් ඔහු එම පැමිණිලි නොසලකා හැර කටයුතු කිරීම සම්බන්ධයෙන් කෝපයට පත් දෙමාපියන් පිරිසක් විදුහල්පතිවරයාට තර්ජනය කර රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව දෙමාපියන් පිරිසකට එරෙහිව ද පොලිසිය නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි සඳහන්.

මෙම ගුරුවරයාගෙන් අතවරයට ලක්ව සිටින තවත් සිසුවියන් සිටීනම් ඒ සම්බන්ධයෙන් පැමිණ පැමිණිලි කරන ලෙසටයි පොලිසිය දෙමාපියන්ට දන්වා ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15