මන්ත්‍රී නාමල් නිදහස් වෙයි ද? තීන්දුව නොවැම්බර් 02

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුලු විත්තිකරුවන් විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව නිදොස් කර නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරු කර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් මස 02 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

මෙම නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේයි.

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන සහ සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් යන මහත්වරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 යටතේ නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටයි.

එම ඉල්ලීම ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ මෙම නඩුව රජයක් මාරුවී නව රජයක් බලයට පැමිණි පසු දේශපාලන පළි ගැනීමක් සිදු කිරීමේ අරමුණින් ගොනු කළ නඩුවක් බවයි.

මෙවැනි නඩු ඉදිරිපත් කිරීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශනය කොට්ඨාසය යනුවෙන් පොලිස් ඒකකයක් ද ස්ථාපිත කෙරුණු බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරු එවැනි නඩු විභාග කිරීම සඳහා එවක රජය විසින් විශේෂ අධිකරණයක් ද ස්ථාපිත කල බව සඳහන් කර තිබෙනවා.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් පවා තමන් ඉදිරිපත් කළ කරුණු අසත්‍ය බව පිළිගෙන ඇති බවත් ඔවුන්ගේ සාක්ෂිවල පරස්පරතාවයන් රැසක් දක්නට තිබූ බවත් ජනාධිපති නීතිඥවරු පෙන්වා දෙනු ලැබුවා.

නිසි සාක්ෂි නොමැතිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති මෙම නඩුව පදනම් විරහිත බවයි ජනාධිපති නීතිඥවරුන් තර්ක කළේ.

දේශපාලන අවශ්‍යතා මත ගොනු කළ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත් ඒ අනුව තම සේවාදායකයින් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස්කොට නිදහස් කරන ලෙසත් එම ජනාධිපති නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ ඉදිරිපත් වූ කරුණු සලකා බලා යුක්තිය ඉටුවන තීන්දුවක් ලබාදෙන ලෙසයි.

මෙම සියලු කරුණු අධ්‍යයනය කිරීමට තමන්ට කාලය අවශ්‍ය බව පෙන්වා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මෙම ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් මස 02 වන දා ප්‍රකාශයට පත් කරන බවත් දැනුම් දුන්නා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමෙන් යෙදවීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පසුගිය රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
22
+1
3
+1
2
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58