AFC Banner
Empty Ad
Empty Ad

වසන්ත කරන්නාගොඩගේ පෙත්සම විභාගයට දින නියම වෙයි

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි චෝදනා කරමින් තමාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනු කර ඇති අධිචෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගොනු කළ රිට් පෙත්සම ලබන ජනවාරි මස 19 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළා.

මෙම පෙත්සම අද ඒම්. ලෆාර් තාහීර් සහ එස්. යූ.බී කරලියද්ද යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි කැඳවනු ලැබුවේ.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ මෙම පෙත්සම ජනවාරි මස 19 වන දා විභාගයට ගන්නා බවයි

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වසන්ත කරන්නාගොඩ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?