රත්මලාන ඥානේන්ද්‍ර පාර බෝට්ටු හිමි ව්‍යාපාරිකයාට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් පැමිණි බව කියන යතුරු පැදිය බණ්ඩාරගම කිදෙල්පිටිය බොල්ගොඩ ගඟේ අතුගඟක දමා ගොස් තිබියදී අද සවස සොයාගත්තා.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ එල්ලාවල ලියනගේ විමුක්ති නුවන් සම්පත් නැමැති 34 හැවිරිදි පුද්ගලයෙක්. වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ වම් අතේ කිහිලි ප්‍රදේශයට සහ කලවා ප්‍රදේශයට එල්ලවී ඇතැයි පොලිසිය පැවසීය
ඔහු මේ වන විට කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පෙරේදා ඔහු ශල්‍යකර්මයකට ද ලක් කෙරිණි.
එම වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරුවන් පැමිණි මෝටර් රථය සහ යතුරු පැදිය රත්මලාන බොරුපන, මාර්ගය හරහා බෝකුන්දර ට පැමිණ අලුත් පාර ඔස්සේ කැස්බෑවට නගරයට පැමිණ බණ්ඩාරගම මාර්ගයේ හොරණ දෙසට ගොස් ඇති බව සීසීටීවී දර්ශන අනුව මේ වන විට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.