වර්ෂාවට සේදුනු පසමිතුරු ගැටුම අද යළිත්

වර්ෂාව හේතුවෙන් ඊයේ (10) අතර මග නතර කෙරුණු ආසියානු කුසලාන එක්දින තරගාවලියේ සුපිරි හතර වටයේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය අද (11) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ඇඳ හැලුණු වර්ෂාව නිසා තරගය නතර කරන විට පළමුව පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම පන්දුවාර 24යි පන්දුවක් අවසානයේ කඩුලු 02ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 147ක්.

එහිදී ඉන්දීය ආරම්භක පිතිකරු යුගළය අර්ධ ශතක රැස්කරමින් පළමු කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනැඟීමට සමත් වුණා.

තරගය ඊයේ දිනයේ දී වර්ෂාව හේතුවෙන් නතර කරන විට විරාට් කෝලි සහ ලෝකේෂ් රාහුල් නොදැවී කඩුල්ලේ රැඳී සිටියා .

ඒ, අනුව ඊයේ තරගය නතර කළ තැන සිට අද (11) පස්වරු 3.00ට තරගය යළි ආරම්භ කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38
Video thumbnail
කුණු ගොඩකින් හමුවූ බෝම්බ දැක්ක කෙනෙක් සියල්ල හෙළිකරයි - STF එකත් එතනට කැඳවයි
02:05
Video thumbnail
ඇමති සමන්ත ජනපති ඉදිරියේ කළ සංවේදී කතාව - මේ ජනතාවට මේක ගෙයක් විතරක් නෙවෙයි
09:17
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56