රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ අකටයුතුකම් දැනුම් දෙන්න විශේෂ අංකයක්

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ස්වදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයට අයත් අනෙකුත් ආයතනවල සේවය කරන නිලධාරීන් සිදුකරන අකටයුතුකම් පිළිබඳව පැමිණිලි කිරීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ, අනුව 1905 යන කෙටි දුරකථන අංකය අමතා අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි එම ආමාත්‍යාංශය සඳහන් කළේ.

මෙලෙස ලැබෙන පැමිණිලි විමර්ශනයට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් යුත් කණ්ඩායමක් ද පත්කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම දුරකථන අංකයට ලැබෙන පැමිණිලි කඩිනමින් විමර්ශනය කර අදාළ තීන්දු තීරණ ගන්නා ලෙසට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත උපදෙස් දී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
16
+1
1
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?