මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීම සදහා වෛද්‍යවරුන් පිරිසක් ගමන්ගත් මෝටර් රථයක් මතට ගසක විශාල අත්තක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් වෛද්‍යවරයෙක් තුවාල ලබා තිබෙනවා.
ඊයේ සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ වෛද්‍යවරයා රෝහල් ගත කර ඇති බවයි මඩොල්සිම පොලිසිය සඳහන් කළේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ රාගම රෝහලේ සේවය කරන 38 හැවිරිදි වෛද්‍යවරයෙක්.
විශ්ව විද්‍යාලයේ මිතුරන් වන වෛද්‍යවරු 8 දෙනෙක් ඊයේ පස්වරුවේ මෝටර් රථ දෙකකින් පුංචි ලෝකාන්ත නැරඹීමට යමින් සිටියදී ඩීන්වත්ත ප්‍රදේශයේදී මාර්ගය අසල තිබූ ගසක අත්තක් මෝටර් රථයක් මතට කඩාවැටී තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූ වෛද්‍යවරයා මැටිගහතැන්න රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ වන විට ඔහු බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා බව එහි ප්‍රකාශකයෙකු කියාසිටියා.














Pray that he will have a complete and speedy recovery. Blessings to you, dear Doctor!