පුංචි ලෝකාන්තය බලන්න ගිය වෛද්‍යවරයෙකුට අනතුරක්

මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීම සදහා වෛද්‍යවරුන් පිරිසක් ගමන්ගත් මෝටර් රථයක් මතට ගසක විශාල අත්තක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් වෛද්‍යවරයෙක් තුවාල ලබා තිබෙනවා.

ඊයේ සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ වෛද්‍යවරයා රෝහල් ගත කර ඇති බවයි මඩොල්සිම පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ රාගම රෝහලේ සේවය කරන ‍38 හැවිරිදි වෛද්‍යවරයෙක්.

විශ්ව විද්‍යාලයේ මිතුරන් වන වෛද්‍යවරු 8 දෙනෙක් ඊයේ පස්වරුවේ මෝටර් රථ දෙකකින් පුංචි ලෝකාන්ත නැරඹීමට යමින් සිටියදී ඩීන්වත්ත ප්‍රදේශයේදී මාර්ගය අසල තිබූ ගසක අත්තක් මෝටර් රථයක් මතට කඩාවැටී තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ වෛද්‍යවරයා මැටිගහතැන්න රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ වන විට ඔහු බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා බව එහි ප්‍රකාශකයෙකු කියාසිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05