ගිනි අවි සමග 5ක් අත්අඩංගුවට

ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලින් ගිනි අවි 5ක් සමඟ සැකකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දඹුල්ල, ගෝනගංආර, තිරුක්කෝවිල්, ඇහැටුවැව සහ මංගලගම ප්‍රදේශවලදී යි වැටලීම් සිදු කෙරුණේ.

දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ කළ වැටලීමකදී විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. ඔහු මදුරංකුලිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර ගෝනගංආර කඩවර වැව ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා. 45 හැවිරිදි සැකකරු අතිලිවැව ප්‍රදේශයේ පදිංචි අයෙක්. ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර තිරුක්කෝවිල් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව රූබස්කුලම් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු විනායගපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර ඇහැටුවැව සහ මංගලගම යන ප්‍රදේශවලදීද ගිනි අවි සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

මෙම සැකකරුවන් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38
Video thumbnail
කුණු ගොඩකින් හමුවූ බෝම්බ දැක්ක කෙනෙක් සියල්ල හෙළිකරයි - STF එකත් එතනට කැඳවයි
02:05
Video thumbnail
ඇමති සමන්ත ජනපති ඉදිරියේ කළ සංවේදී කතාව - මේ ජනතාවට මේක ගෙයක් විතරක් නෙවෙයි
09:17
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56
Video thumbnail
අප රටට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික බෞද්ධයන් - පින්තූරයට සීමාවූ බෞද්ධකම වැඩක් නෑ
15:45
Video thumbnail
වැහි පිරිත ලක්ෂ වාරයක් දේශනා කරලා පිරිත් පැන් රට පුරා ඉසිමු - මුරුත්තෙට්ටුවේ හිමිගෙන් පිළියම්
05:44
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?දිවුල්ලෑව ප්‍රදේශයෙන් ඇසුණු අභිරහස් එළොව යෑම
00:58
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23