AFC Banner
Empty Ad
Empty Ad

ගිනි අවි සමග 5ක් අත්අඩංගුවට

ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලින් ගිනි අවි 5ක් සමඟ සැකකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දඹුල්ල, ගෝනගංආර, තිරුක්කෝවිල්, ඇහැටුවැව සහ මංගලගම ප්‍රදේශවලදී යි වැටලීම් සිදු කෙරුණේ.

දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ කළ වැටලීමකදී විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. ඔහු මදුරංකුලිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර ගෝනගංආර කඩවර වැව ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා. 45 හැවිරිදි සැකකරු අතිලිවැව ප්‍රදේශයේ පදිංචි අයෙක්. ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර තිරුක්කෝවිල් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව රූබස්කුලම් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු විනායගපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර ඇහැටුවැව සහ මංගලගම යන ප්‍රදේශවලදීද ගිනි අවි සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

මෙම සැකකරුවන් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?