නියමිත මාර්ගයේ ධාවනය නොකළ බස් රථයකට අධිකරණයෙන් දඩ

මාර්ග අංක 187 ගුවන් තොටුපොළ – කොටුව සුඛෝපභෝගී බස් රථයකට මගී ප්‍රවාහන අවසර පත්‍රයේ සඳහන් මාර්ගයෙන් බැහැරව ගමන් කිරීමේ චෝදනාව මත රුපියල් 75,000ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කර තිබෙනවා.

පසුගිය අගෝස්තු මස 15 වනදා සුඛෝපභෝගී බස් රථයක් මගීන් සමග අවසර පත්‍රයේ සඳහන් මාර්ගයෙන් බැහැරව පැමිණ 18 කණුව ක්‍රීඩාංගණය අසළ නතර කරගෙන සිටියදී කටුනායක පොලිසියේ නිලධාරීන් විසින් සිදු කළ සොයා බැලීමකින් අනතුරුවයි අධිකරණයේ නඩුවක් පවරා ඇත්තේ.

1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ 24 වගන්තියේ කොන්දේසි උල්ලංඝනය කරමින්, අවසර පත්‍රයේ සදහන් මාර්ගයෙන් බැහැරව 18 කණුව අතුරු මාර්ගයේ සිය බස් රථය ධාවනය කරමින් එම පනතේ 40 (ඊ) වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කිරීමේ චෝදනාව යටතේ එම නඩුව පවරා තිබුණා.

ඒ අනුව අදාළ බස් රථය පැදවූ රියැදුරාට මීගමුව මහේස්ත්‍රාත් දර්ශනී ප්‍රේමරත්න මහත්මිය නියෝග කර ඇත්තේ රුපියල් 75,000ක දඩ මුදලක් ගෙවන ලෙසටයි.

පසුගිය මස 26 වනදා සිට 28 වනදා දක්වා මෙම අතුරු මාර්ගයේ තම සුඛෝපභෝගී බස් රථ ධාවනය කිරීමට අවසර ඉල්ලා වැඩ වර්ජනයක් ද මෙම මෙම බස් රථ සේවකයන් විසින් ක්‍රියාත්මක කර තිබුණා.

එම වර්ජනය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ, කටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානය වෙත පැමිණෙන මගීන් දැඩි අසීරුතාවයකට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලගේ පොලිසිය ඕනි දෙයක් කරපන්..ඕකද යකෝ පොලිසියේ නීතිය - අම්මලා වැස්සේ තෙමීගෙන වන්දනා කරන්නේ
02:46
Video thumbnail
ශිරන්ති කියන්නේ තරුණ කෙල්ලෙක් නෙවෙයි..බොරුවට ලෙඩවෙලා නෑ
10:20
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59