වැඩිම මුදලක් වැය කරන අමාත්‍යාංශ දහයේ වියදම් විශ්ලේෂණයට සැරසේ

වැඩිම මුදලක් වැය කරන අමාත්‍යාංශ 10 හි වියදම් විශ්ලේෂණය කිරීමට තම රජය තීරණයක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එම වාර්තා භාෂා තුනෙන්ම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

අරලියගහ මන්දිරයේ දී අද (08) පැවති ජාතික ඇගයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ කෙටුම්පතක් 2023 වසර අවසන් වීමට පෙර ඉදිරිපත් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් තමන් ඉල්ලා ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.

ආරක්‍ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකාව සඳහා වන දීර්ඝ කාලීන ආරක්‍ෂක ප්‍රතිපත්තියක් මත කටයුතු කරනු ඇති අතර, ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේ දී අනෙකුත් අමාත්‍යාංශ ද ජාතික ප්‍රතිපත්ති රාමුව අනුගමනය කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

මේ අතර ශ්‍රී ලංකාවේ දැනට පවතින ප්‍රතිපත්ති රාමුව තුළ විශාල රික්තයක් පවතින බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම, නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය සඳහා සැලකිය යුතු අඩුපාඩුවක් බව පෙන්වා දුන්නා.

පාර්ලිමේන්තුව විසින් ජාතික ප්‍රතිපත්ති පිළිබඳ වාර්තාවක් ලබාගැනීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර එම ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ බලය බෙදීම ද සිදුවිය හැකි බව අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20